ලොවක් ආදරේ කරන BTS සාමාජිකයින් හමුදා සේවයට.

South Korea
By Dhananjaya Dec 06, 2023 12:29 PM GMT
Dhananjaya

Dhananjaya

Report

දකුණු කොරියානු නීතියට අනුව වයස අවුරුදු 18 ත් 28ත් අතර සියලුම හැකියාවන් ඇති පිරිමින් දෙවසරක හමුදා සේවයක් කළ යුතු වෙනවා.

ඒ අනුව K-pop supergroup BTS 3 RM, V, Jimin සහා Jung Kook ඔවුන්ගේ  අනිවාර්ය හමුදා සේවය සඳහා සූදානම් වෙමින් සිටින බවත් දැනටමත් හමුදාවට බැදී ඇති ඉතිරි සාමාජිකයින් තිදෙනා වන Jin, J-Hope සහ Suga සමඟ මොවුන් හතර දෙනා ද එක්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලොවක් ආදරේ කරන BTS සාමාජිකයින් හමුදා සේවයට. | Bts Members Are Joining The Military

නව බඳවා ගැනීමේ පුහුණු කඳවුරු ප්‍රවේශ උත්සවයට එම සාමාජිකයින්ගේ පවුල්වල අය සහභාගී වන වන අතර තද බදය සහ අනාරක්ෂිත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා රසික කණ්ඩායමේ ARMY සාමාජිකයින් උත්සවය පැමිණීමෙන් වළකින ලෙසත් ණුසුම් පණිවිඩයක් සහ දිරි ගැන්වීමක් පමණක් රසිකයින්ට ලබා දෙන ලෙසයි.

ලොවක් ආදරේ කරන BTS සාමාජිකයින් හමුදා සේවයට. | Bts Members Are Joining The Military

ඒ අනුව මෙම BTS සාමාජිකයින් හත් දෙනා තම ක්ෂේත්‍රය තුළ තාවකාලික විවේකයක් ලබා ගැනීමට නියමිත බව ද සඳහන්.

ලොවක් ආදරේ කරන BTS සාමාජිකයින් හමුදා සේවයට. | Bts Members Are Joining The Military




ReeCha