නංගිව රැකබලාගත්තාට අයියා බලාපොරොත්තු වුණුදේ.. ඇග කිලිපොලා යන කතාව
සහෝදරයෙකු සිය බාල සොයුරිය විවාහයට පෙර රැක බලාගත්තාට ඇයට විරුද්ධව නඩු පවරා ඇති බව වාර්තා වෙනවා.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පුද්ගලයෙකු විසින් විවාහයට පෙර බාල සොයුරිය සිය භාරකාරත්වයේ සිටි බවත්, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ අනිකුත් වියදම් වෙනුවෙන් ඩිරාම් 100,000ක වන්දි මුදලක් ලබා දෙන ලෙස සොයුරා විසින් නඩු පවරා ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට පෙර අධිකරණය ගොනු කළ නඩුවකින් බාල සොයුරියට නීත්‍යානුකූලව හිමිවිය යුතු උරුමයෙන් සියළු වියදම් අඩුකර ඉතිරි කොටස ලබාදීම සොයුරා කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආහාර, ඇඳුම් පැළඳුම් ආදී සියලු වියදම් අඩුකර පැමිණිලිකරු සන්තකයේ තිබූ ඇයගේ නීත්‍යානුකූල කොටස සිවිල් නඩුවේදී තම සහෝදරයාට හිමි වූ බැවින් පැමිණිලිකරුගේ ඉල්ලීම නොසලකා හරින ලෙස නීතිඥවරයා ඉල්ලා තිබෙනවා.
පසුව මෙම සියළු කරුණු සලකා බලා සොයුරා ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කිරීමට අල්-අයින් අධිකරණය කටයුතු කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.