වැටුපක් ගන්න ඔයාට මේ දේත් වැදගත් වෙයි - අවම වැටුපට වෙන්න යන දේ දන්නව ද?.රජයක් ගත් තීරණයක් මෙන්න..

England Job Opportunity
By krishani Dec 06, 2023 02:18 AM GMT
krishani

krishani

Report

බ්‍රිතාන්‍යට සංක්‍රමණය වන විදේශීය පුහුණු ශ්‍රමිකයින් උපයාගත යුතු අවම වැටුප ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විදේශීය පුහුණු ශ්‍රමිකයින් මේ වන විට උපයා ගත යුතු වැටුප පවුම් 26,200ක් පමණ වේ.

වැටුපක් ගන්න ඔයාට මේ දේත් වැදගත් වෙයි - අවම වැටුපට වෙන්න යන දේ දන්නව ද?.රජයක් ගත් තීරණයක් මෙන්න.. | Britains Minimum Wage Will Rise

නමුත් නව සැලැස්ම යටතේ එය 38,700 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම නව සැලසුම යටතේ සංක්‍රමණික ගැටලු විසදීම අරමුණ වේ.

එමෙන්ම මේ යටතේ සංක්‍රමණිකයින්ගේ රැකියා පිළිබඳ නීති දැඩි කිරීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නීත්‍යානුකූලව සංක්‍රමණය වීමේ දී ශ්‍රමිකයින් සිය පවුල්වල සාමාජිකයින් සමග සංක්‍රමණය වීමට අවස්ථාව හිමි වන්නේ ද යන්න පිළිබඳ නීති දැඩි කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, මෙම සැලසුම බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි විසින් ඉදිරිපත් කර ඇත.

ReeCha