පන්සලේ කසිප්පු හා බියර් වෙන්දේසියක්..හාමුදුරුවො සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Oct 20, 2022 02:58 AM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවැති සල්පිලක් හා ආධුනික ගිත ප්‍රසංගයකදි වෙන්දේසිය සදහා බියර් බොතල් ⁣දෙකක් හා කසිප්පු බෝතලයක් තබා ඇත.

එහි දී කුසුම් බදුනට පෙර බියර් බෝතල් දෙක රුපියල් 2800කට වෙන්දේසි කොට ඇත.

තරුණ සංවිධායක පිරිසක් හා විහාරයේ වැඩවසන නඟරයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ලෙසින් කටයුතු කරන හාමුදුරුවෝ සමග එක්ව මෙම වෙන්දේසිය සිදුකර ඇති බවට වාර්තා වේ .

“මිහිරින් මිහිර ගෙන දෙන ආතල් පානේ ” නමින් වෙන්දේසිය නම්කර ඇති අතර බියර් බෝතල් විකිණිම සිදුකල විට කිසිදු අවස්වක එය බියර් බව හඟවා නැත .

ඉන් පන්නරයක් ලැබුව සංවිධායකයෝ කුසුම් බදුන වෙන්දෙසි කොට ඒ සමගම අරක්කු බෝතලයක්ද වෙන්දෙසියට තබා ඇත්තේ වෙන්දෙසියේ ඉහල ආදායම් අපෙක්ෂාවෙනි.

වෙන්දේසියේ මුල් අවස්ථාව තුල මල්ලකදා තිබුණු බෝතලයක් වෙන්දෙසියට ගෙන ඇත්තේ ගමේ අමෘතය ලෙසිනි.

අනතුරුව එහි වෙන්දෙසි මිල 5800 දක්වා ඉහල ගොස් ඇති අතර අරක්කු බෝතලයක් වෙන්දෙසියේ උච්චතම අවස්ථාවේදි මල්ලෙන් එළියට ගෙන ඇත.

ඒ අවස්ථාවේ එම ස්ථානයට ගිය සල්පිලේ ආරාධිත අමුත්තෙකු වු තරුණ පොලිස් නිලධාරියෙක් මෙම වෙන්දෙසියෙන් අරක්කු බෝතලය ඉවත් කරන ලෙස ඉල්ලීමෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශයේ නිලධාරියාට පන්සලේ වැඩ සිටි ගුරු හාමුදුරුවෝ පහර දි ඇති බවද වාර්තාවේ.

මේ අවස්ථාවේදි අරක්කු බොතලයක් වෙන්දෙසි කිරිමෙන් ලැබෙන මුදලට වඩා වැඩි අපවාදයක් පන්සලටත් ආගමටත් සිදුවන බව තරුණ පොලිස් නිලධාරියා පන්සලේ හාමුදුරුවන්ට පෙන්වාදීමෙන් පසු වෙන්දෙසියෙන් අරක්කු බෝතලය ඉවත්කොට වෙන්දේසිය හා ආධුනික ගිතප්‍රසංගය පවත්වා ඇත‍.

හාමුදුරුවන්ගේ මෙම ක්‍රියාව පිලිබදව ගම්වාසින් අතර කසුකුසුවක් පැතිර යන අතර සංවිධායක පිරිස පවසන්නේ මෙම අරක්කු බෝතල වෙන්දෙසි නොකිරිම නිසා රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now