පාලමක කොටසක් කඩා වැටී දරුණු - අනතුරක්
By Mithu
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව චීනයේ නිරිත දිග සිචුවාන් පළාතෙම වාර්තාවේ. ඒ අනුව මෙම පළාතේ රටේ මධ්‍යම ප්‍රදේශය තිබෙටය සමඟ සම්බන්ධ කරන මහා මාර්ගයක පිහිටා ඇති පාලමක කොටසක් කඩා වැටී තිබේ.
මේ අලුතින් විවෘත කරන ලද පාලමක් බවට වාර්තා වේ.කෙසේ නමුත් මෙම අනතුරෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසිය පසුගිය සඳුදා දහවල් වන විට මීටර් 758ක් දිග හොංකි පාලම ගමනාගමනය සඳහා වසා දමා ඇත්තේ, අවට බෑවුම්වල සහ මාර්ගවල ඉරිතැලීම් මතු වී, එම භූමියේ වෙනස්කම් දක්නට ලැබීමෙන් පසුවයි.
අඟහරුවාදා දහවල් වන විට කඳුකරයේ තත්ත්වය නරක අතට හැරී, නායයෑම් ඇතිවී, පාලම සහ මාර්ගය කඩා වැටීමට හේතු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම පාලමේ ඉදිකිරීම් මේ වසර මුලදී අවසන් කළ බව, කොන්ත්‍රාත්කරුවන් පවසයි.