රු. ලක්ෂ 12ක් අල්ලස් ගත් කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරයෙකු අත්අඩංගුවට
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ලබාගන ඇත. එම සහකාරවරයා අල්ලස් කොමිසම විසින් ඊයේ (16) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු වේ. මෙම සහකාරවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක්ය.
ඉඩම අනවසර අල්ලාගන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20 ක් පමණ රජයේ ඉඩමකි.
එවගේම අක්කර 12ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට සැකකරු විසින් අක්කර බදු ගෙවා ඇති බවට කුවිතාන්සියක් ලබා දී ඇත.
ඒ සියළු වැඩ කටයුතු සිදු කිරීම සදහා ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබේ. ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔහු ඊයේ දිනයේ තණමල්විල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වැල්ලවාය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
.