මට ඕලෙවල් සහතිකයක්වත් නෑ - වැඩ කරන්න සහතික ඕනි නෑ ඇමති ලාල්

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා මහනුවර පැවැති වැඩසටහනකදී අදහස් රැසක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පැවසූ පරිදි, ඔහුට අද සිට තිබෙන්නේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණි.වැඩ කිරීමට ඔහුට අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය වුනේ නැතැයි අවධාරණය කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි

"මට තියෙන සහතික ටික කියන්නම්.උප්පැන්න සහතිකය තියෙනවා.ජාතික හැඳුනුම්පත තියෙනවා.පාස්පෝට් එක තියෙනවා.තවත් එකක් තියෙනවා රියදුරු බලපත්‍රය.එච්චරමයි.ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ.මම බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි,ඒක මරණ සහතිකය.වැඩ කරන්න මගේ ජීවිතේදී කවදාවත් අධ්‍යාපන සහතික අවශ්‍ය වුණේ නැහැ.දැන් මම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, වාරිමාර්ග, මහවැලි ඇමැති.

ඒකට තියෙන්නේ උප්පැන්න සහතිකය සහ කියපු සහතික ටිකයි, වෙන මොකුත් නැහැ.හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියකින් කරන දේ මම කරලා ඉවරයි.ඒකයි මම කියන්නේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.සමහරුන් උපාධි ලබනවා, සහතික ලබනවා, ඒවා ගෙදර සාලයේ ගහනවා.

ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ප්‍රදර්ශනයට නොවෙයි, ලෝකෙට පෙන්වන්න නෙවෙයි. රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ.රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය."

යනුවෙන් අදහස් පල කරේය.

වැස්ස අස්සේ කොළඹ කලබලේ - හැම තැනම රථවාහන තදබදය

වැස්ස අස්සේ කොළඹ කලබලේ - හැම තැනම රථවාහන තදබදය