දකුණු චීනයේ සමාන මුහුණු සහිත යුවලක් සමාජ මාධ්‍යයේ වයිරල් වෙයි
සමාජ මාධ්‍ය තුළ විවිධ කාල වලදී විවිධ දේ වයිරල් වෙයි. ඒ අතර මේ දිනවල සමාජ මාධ්‍යයේ දකුණු චීනයේ යුවලක් ගැන නිතරම කතාවට ළක්වෙන බව පෙනෙයි. ඒ විවාහක යුවළකගේ පුදුම සහගත සමානකමයි.
එය ඔවුන් දෙදෙනා මේ තරම් ජනප්‍රිය වෙන්නට හේතු කාරණයක්ද විය. ඔවුන් දකුණු චීනයේ ජීවත්වන සාම්ප්‍රදායික ඔසු ඖෂධ වෙළඳසැලක් පවත්වාගෙන යන යුවලකි. පදිංචිව ඇත්තේ ගුවැංඩොං පළාතේ ඩොංගුවාන් හි වේ බිරිඳ වන ලියාං කයියු සහ ස්වාමිපුරුෂයා හේ ෂියැන්ෂෙං යන දෙදෙනාම වයස අවුරුදු 20-30 අතර පසුවේ.
ඔවුන් බෙහෙවින් එක සමාන වීම සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙන්නට ඔවුන්ගේ මේ සමානකම හේතුවක් බවට පත්විය.
ඔවුන්ගේ TikTok හි චීන සංස්කරණය වන ඔවුන්ගේ Douyin ගිණුමේ 21,000 ක් පමණ පිරිසක් සිටින බව සදහන් වේ.
ඔවුන්ගේ අතිශය ප්‍රසිද්ධියට පත් ඒක් වීඩියෝවක් "ස්වාමිපුරුෂයා කවුද, බිරිඳ කවුද?" යනුවෙන් නම් කර තිබුණා. එහිදී යුවළ සමාන විග් පැළඳ, එකිනෙකාගේ ඉරියව් අනුකරණය කරමින්, "පිටපත් කර අලවන ලද" යැයි සඳහන් කරමින් විනෝද වී තිබුණි.
ඔවුන් හමුවී ඇත්තේ සහකාරියක් සොයා සිදුවූ හමුවකදී වන අතර, මාස හයකට පසු විවාහ වී ඇත.

ජීවිතේ පළවෙනි පාරට මෙහෙම දෙයක් කළේ මට ගොඩක් බය හිතුණා - ගිලන් රථය පරක්කු නිසා දුම්රිය වේදිකාවේදී මගියෙක් දරු ප්‍රසූතියට සහය වෙලා
ඔවුන් විවාහ වූ පසු, 2023 දී ඖෂධ වෙළඳසැලක් ආරම්භ කර තිබේ. ස්වාමිපුරුෂයා ඖෂධීය සුප් වර්ග සහ තේ මිශ්‍රණ සකස් කරන අතර, බිරිඳ ප්‍රවර්ධන කටයුතු කළමනාකරණය කරයි.
ආරම්භයේදී ඔවුන්ගේ ව්‍යාපාරයට අවධානය ලබාගැනීමට අපහසු වූ නමුත්, ඉක්මනින්ම යුවළගේ පුදුම සහගත සමානකම ඔවුන්ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නනටද හේතුවක් බවට පත්ව තිබේ.
ඔවුන් දිගු කලක් අහිමි වූ නිවුන් දරුවන් විය හැකියැයි බොහෝ දෙනාගේ අදහසයි.
තම සහකරු තමාට සමාන යැයි මුලින් සිතුවේ නැතැයි ලියාං සදහන් කර තිබේ.
"වසර ගණනාවක් එකට ජීවත් වීමෙන් පසුව, අපි ක්‍රමයෙන් එකිනෙකාට වැඩි වැඩියෙන් සමාන වන බව මට වැටහුණා. පසුගිය වසර දෙක තුළ, අපි වැඩ කරමින්, කමින්, විවේක ගනිමින් දිවා රෑ නොබලා පාහේ එකට සිටියා. ඒ නිසා වෙන්න ඇති අපි වැඩි වැඩියෙන් සමාන වෙන්නේ"
ඒ ඔවුන්ගේ අදහසයි.
සිය ස්වාමියා මුලදී කාන්තා ඇදුම් අදින්නට අකමැති වුණ නමුත් පසුව ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් එයට එකග වූ බව බිරිද සදහන් කරයි. කෙසේ වෙතත් මේ වනවිට සමාජ මාධ්‍යයේ අතිශයින් ජනප්‍රිය යුවළ මේ ලියාං කයියු සහ හේ ෂියැන්ෂෙං ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව ඇත.