අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය තරගාවලි කිහිපයක් කල් දමයි
By Shehan
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය තරගාවලි කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයකට අනුව, දැනට පැවැත්වෙන දේශීය තරගාවලි කල් දැමීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව විසින් ගෙන ඇත.
ඒ අනුව බලපෑමට ලක් වන තරගාවලි පහත දැක්වේ:
- මේජර් ක්ලබ් විස්සයි20 තරගාවලිය (The Major Club T20 Tournament)
- ‘බී’ කාණ්ඩයේ විස්සයි20 තරගාවලිය (Tier ‘B’ T20 Tournament)
- ආණ්ඩුකාර කුසලානය (Governors Trophy)
සංශෝධිත කාලසටහන් ඉදිරියේදී නිසි වේලාවට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටියි.