රටම කතා වූ බූරු මූණා ගැන විශේෂ තීරණයක්.

By Sithumi Mar 21, 2023 04:19 PM GMT
Sithumi

Sithumi

Report

රවිඳු සංඛ ද සිල්වා නොහොත් "බූරු මූණා" නැමැති සැකකරු අද (21) නුගේගොඩ මහෙස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරීක්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් කරන ලද දැනුම්දීමක් අනුවයි මහෙස්ත්‍රාත්වරිය එලෙස පරීක්ෂා කර නිරීක්ෂණ සටහන් කර ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකාර බුරු මුනා නැමැත්තා ජූනි මස 20 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ලබාගත් බව අධිකරණයට දැනුම්දීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නිරීක්ෂණයට ලක් කළ බව පොලිස් නිලධාරියෙකු පැවසුවා. එම රඳවාගැනීමේ නියෝගය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයට ද  කරුණු වාර්තා කළ බව ද වාර්තා වනවා. 

 සැකකාර බූරු මූණා නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක විශේෂ සිරමැදිරියක රඳවා තබා ඇති අතර ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබෙනවා.

ඉකුත් 17 වැනිදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැය 72 කබ් කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය කර තොරතුරු අනුව සි 4වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හංවැල්ල දස වේල්ල ප්‍රදේශයේ දුරකථන කණුවක් යට සඟවා තිබියදී සැකකරු ආවරණය කළ තොරතුරු අනුව සොයා ගැනිණා. 

 සැකකරු ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වී ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවට සහ මහජන සාමය කඩ කරමින් සාමාන්‍ය ජන ජීවිතයයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ බාධා එල්ලවන ආකාරයට කටයුතු කර ඇති බවට මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනුණා කටුනායක ගුවන්තොටුපොළ පොලීසියෙන් ඉකුත් පෙබරවාරි මස 24 වනදා පළායාමෙන් අනතුරුව මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳීසිට පසුවතිරප්පනය ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබුනා.

අනතුරුව ඔහුට නවාතැන් පහසුකම් ලබාදීමට කටයුතු කළ බව කියන ආබාධිත කෝප්‍රල්වරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර තිබුණි. 

 ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුවන, හෝමාගම කිරිවත්තුඩුව බ්ලැන්කට්වත්තල් පදිංචිව සිටි ගගන නැමැත්තා මාර්ගයෙන් තිරප්පනේ නිවසේ රැකවරණ ලබාගෙන තිබූ බවත් නිවැසියන්ට ගගන නැමැත්තා පවසා ඇත්තේ යාපනේ විනෝද චාරිකාවක් යාමට තවත් මිතුරන් කීපදෙනෙකු දින කිහිපයකින් පැමිණෙන බවත් එතෙක් තම මිතුරාට නවාතැන් ලබා දෙන ලෙස ඉල්ලා තිබී ඇති බවත් කෝප්‍රල් වරයාගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනව. ඉදිරියේදී සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතයි.