යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..
මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු යනුවෙන් එම සංගමය ඊයේ (10) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර සිටියේය.
මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට, ප්‍රකාශකයන්ට, ලේඛකයින්ට, පොත් ආනයනකරුවන්ට සහ විකුණුම්කරුවන්ට අහිතකර බලපෑම් සිදුව ඇති බව පෙන්වා දුන්නේය. එනිසා ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනය, සංස්කෘතිය හා පුද්ගල සංවර්ධනය සඳහා පොත්, වැට් බද්දෙන් නිදහස් කරගැනීම තීරණාත්මක සාධකය බව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් පෙර රජයේ මුදල් අමාත්‍යංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් අදාළ බලධාරීන්ට දිගින් දිගටම ඉල්ලීම් කළත්, ලිපි ලැබුණු බව සඳහන් කළ පිළිතුරු ලිපි පමණක් ඔවුන්ගෙන් ලැබුණු බව පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන මෙම අර්බුධයට පිළියමක් ලෙස ඉදිරි අයවැයෙන් මෙම බද්ද ඉවත් කරන්න යැයි ඉල්ලීමක් කර තිබෙන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ සමන්ත සමරසිංහ මහතා,
“අපේ මූලික පරමාර්ථය පසුගිය රජය සමයේ මුද්‍රිත පොත් සඳහා පැනවූ 18%ක එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) ඉවත්කරගන්න. ලාංකීය ඉතිහාසයේ කොහෙවත් තැනක පොත්වලට වැට් හෝ වෙනත් බද්දක් පනවලා නෑ. 1950දී ශ්‍රී ලංකාව ෆ්ලොරන්ස් ගිවිසුමට අත්සන් කරලා තියෙනවා බුද්ධිමය දේපොළ යටතේ බදු අය නොකරන බවට.
මේ වැට් බද්ද හරහා ඒකත් උල්ලංඝණය වෙලා. පොතක් නිෂ්පාදනය කරනකොට මිනිස් ශ්‍රමය හැරුණාම ඉතිරි සියල්ලම ආනයනික තත්ත්වයේ තියෙන්නේ. ආනයනික දේවල් වලට එකතැනකින් වැට් බද්ද අයකරනවා. මුද්‍රණය කරද්දී නැවත අයකරනවා. අවසානයේ මුද්‍රිත පොතටත් පසුගිය රජය වැට් බද්ද පනවන්න ගත්තා.
අවස්ථාවෙන් අවස්ථාවට බදු වලට බදු එකතුවීමක් වෙලා තියෙන්නේ. බදු පැනවීමෙන් පොතක මිල සීඝ්රයෙන් ඉහළ යනවා. ඒක පාඨකයාට දරාගන්න බෑ. මේ නිසා ප්‍රකාශන ක්ෂේත්රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා වත්මන් ආණ්ඩුවට ඉල්ලීමක් කර තිබෙනවා ඉදිරි අයවැයෙන් මේ වැට් බද්ධ ඉවත්කරන්න කියලා”.
එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව ඉදිරි අයවැය සඳහා යොමු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවය.
"රජයට සති ගණනයි. අපි මේ යන්නේ මේ වෙලාවේ ඉල්ලීම් දිනාගන්න නෙමෙයි. බොහොම පැහැදිලිවම ජනාධිපති තුමා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිත් කිව්වා අපි ඊළඟ අයවැයෙන් මේ ගැන කතා කරමු කියලා.
ඊළඟ අයවැයට කල් තියෙනවා. ඉතින් අපිත් කල්තියාම කියනවා. වැට් බදු ගෙවන්න ඕනේ වාර්ෂිකව මිලියන 60කට වඩා පිරිවැටුපක් තියෙන අය. ඒ අය තමා ඒකට සුදුසුකම් ලබන්නේ.
එහෙම අය පොත් ප්‍රකාශන හා මුද්‍රිත කේෂ්ත්‍රයේ ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒ අයට ක්ලේම් කරන්න බෑ. අපිට ක්ලේම් කරන්න බැරි වුණාට ඔක්කෝම ගෙවලා තියෙන්නේ. "
දිනේෂ් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ වැට් බදු හේතුවෙන් මිල ඉහළ යාම නිසා පොත් අලෙවිය සියයට 30කින් පහත වැටී ඇති බවය.
You may like this video