ක්‍රිකට් ලෝලීන් සැවොම බලා සිටිය දවස අදයි.. 'ලංකා ටී10' අදින් ඇරැඹේ..

By Piyumika Dec 11, 2024 02:30 AM GMT
Report

පන්දු 60කින් ජය පරාජය තීරණය වන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් ම ආකෘතියේ ශ්‍රී ලංකා ආගමනය ලංකා ටී10 තරගාවලිය අද (11 වැනිදා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර ඇත.

එක් කාණ්ඩයකට කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් 6ක් තරගවදින මෙම තරගාවලිය තරග 25කින් සමන්විත ය.

දින නවයක් පුරාවට පැවැත්වෙන මෙහි මූලික වටයේ තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග ප්ලේ ඕෆ් ක්‍රමයට පවත්වා 19 වෙනිදා පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ජයග්‍රාහී කණ්ඩායම තීරණය කරනු ලබයි.

දෙවියනේ මේ සල්ලිනෙ මෙහෙම විනාස වෙලා තියෙන්නේ.. රජයේ බංගලා හා ජනපති මන්දිර උපයෝජනයට අවදානය..(VIDEO)

දෙවියනේ මේ සල්ලිනෙ මෙහෙම විනාස වෙලා තියෙන්නේ.. රජයේ බංගලා හා ජනපති මන්දිර උපයෝජනයට අවදානය..(VIDEO)

පන්දුවාර දහයේ තරග රටාව ලොවට හඳුන්වාදුන් අබුඩාබි ටී10 තරගාවලිය අනුව යමින් ආරම්භ වන තරගාවලියක් ලෙස දැකිය හැකි මෙහි මෙවර විශේෂත්වය වනුයේ, යම් රටක ක්‍රිකට් ආයතනයක් මූලිකත්වය ගනිමින් පවත්වනු ලබන ප්‍රථම ටී 10 තරගාවලිය මෙය වීමය.

ඒ අනුව කලම්බෝ ජගුවර්ස් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරන අතර ගෝල් මාවල්ස් නායකත්වය මහීශ් තීක්ෂණට හිමිව ඇත.වේවිඩ් වීසා ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමේත්, දසුන් ශානක හම්බන්තොට බන්ග්ලා ටයිගර්ස් කණ්ඩායමේත් නායකත්වය හොබවද්දී නුවරඑළිය කින්ග්ස් සෞරබ් තිවාරි විසින් සහ කැන්ඩි බෝල්ට්ස් තිසර පෙරේරා විසින් ද මෙහෙයවීමට නියමිතය.

අලුත් සතියක් පටන් ගෙන දවසකුත් ගිහින් අද ඩොලරයත් ඉහළ ගිහින්..

අලුත් සතියක් පටන් ගෙන දවසකුත් ගිහින් අද ඩොලරයත් ඉහළ ගිහින්..

අදින් ආරම්භ වන තරගාවලියේ දිනකට තරග තුන බැගින් පැවැත්වීමට නියමිත අතර අද දින තරග කාලසටහන මෙසේ ය.

පස්වරු 4.00 - ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්

පස්වරු 6.15 - නුවරඑළිය කින්ග්ස් සහ කලම්බෝ ජගුවර්ස්

පස්වරු 8.30 - කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස්

You may like this video