බුදු අම්මෝ!..ශීතකරණයක් ඇතුලෙන් හම්බ වුණ දේ බලන්නකෝ..

India Crime Death World Murder
By Piyumika Sep 24, 2024 05:24 AM GMT
Piyumika

Piyumika

Report

ශීතකරණක් තුළ තිබී කාන්තාවකගේ සිරුරු කොටස් සොයා ගැනීමේ පුවතක් ඉන්දියාවේ බැංගලෝර්වලින් වාර්තා වනවා.

ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලා..

ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලා..

පසුගිය සෙනසුරාදා මෙම සිරුරු කොටස් සොයාගෙන ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි මහාලක්ෂ්මි නැමැති තැනැත්තියක්.

ඇය තාවකාලිකව පදිංචිව සිටි බැංගලෝර් හි වයිලිකාවල් නගරයේ නිවස තුළ තිබූ ශීතකරණක තිබී ඇයගේ සිරුරු කොටස් 30ක් පමණ මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුදගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ඝන්ධයක් හමන බවට අවට පදිංචි ජනතාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පිටතින් දමා තිබූ අගුල් කඩා ඒ තුළට ඇතුල් වී තිබෙනවා. එහිදී නිවස තුළ සිදුකළ පරික්ෂා කිරීමේ දී එහි තිබූ ශීතකරණක් තුළින් මෙම කාන්තාවගේ සිරුරු කොටස් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

ඇයව ඝාතනය කර සිරුරු කොටස් ශීතකරණක් තුළ සඟවා දින පහකට පමණ පසු ඒවා මෙලෙස සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඒවාට පණුවන් ගසා තිබූ බව සඳහන්. මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින බවයි බැංගලෝර් පොලිසිය සඳහන් කළේ.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%