ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලා..
Japan
Earthquake
World
By Piyumika
ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය.
මේ හේතුවෙන් එරට කාලගුණ අංශ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
ඒ අනුව ඉසූ දුපත්වලට සහ ඔගවසර දූපත්වලට එම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.
එම දූපත්වලට මීටරයක පමණ උසට මුහුදු රළ ගොඩබිමට එනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් පවසයි.