හමාස් නායකයාගේ සිරුර හමුවේ
මැයි මාසයේදී සිදුකළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කරන ලද හමාස් සංවිධානයේ නායක මොහොමඩ් සින්වාර්ගේ මළ සිරුර සොයාගෙන ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) අද නිල වශයෙන් තහවුරු කළේය.
මෙම ප්‍රකාශය නිකුත් වියේ, ගාසා තීරයේ යුරෝපීය රෝහලක් තුළ සැඟවී සිටි මොහොමඩ් සින්වාර් මැයි 13 වන දින සිදුකළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කළ බව තහවුරු කිරීමෙන් අනතුරුවය.
49 හැවිරිදි සින්වාර්, 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය අභියස සිටි යායා සින්වාර්ගේ බාල සහෝදරයාය. යායා සින්වාර් මාස අටකට පෙර ඊශ්‍රායල හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
ඔවුන් දෙදෙනාම උපන් ස්ථානය හා ජීවිතය අවසන් වූ ස්ථානය වනුයේ ගාසා තීරයේ ඛාන් යූනිස් ප්‍රදේශයයි. 2011දී පැවති සාම සාකච්ඡාවල දී, ඊශ්‍රායල ජාතික ගිලඩ් ෂලිට්ගේ නිදහස වෙනුවෙන් පැලස්තීන ත්‍රස්තවාදීන් 1,027 දෙනෙකු මුදා හැරූ අවස්ථාවේදී යායා සින්වාර් ද නිදහස් කරන ලදි. මොහොමඩ් සින්වාර්, ඔහුගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා ඊශ්‍රායල බුද්ධි අංශ මධ්‍යයේ “ඡායාව” ලෙස හඳුන්වන ලදී.
ඔහු සොයාගැනීම ඉතා දුෂ්කර වූ නායකයෙකි. ඔහු තමාගේ පියාගේ අවමඟුල් උත්සවයට පවා සහභාගී නොවී සිටීම ඔහුගේ සැඟවීමේ උත්සාහය පිළිබඳ සාක්ෂියකි.
කෙසේ වෙතත්, ෂින් බෙට් බුද්ධි ඒජන්සිය ඔහුගේ චලනයන් පිළිබඳව මෑතකදී නිවැරදිව දැනුවත්ව සිටි අතර, ඔහු සැඟවී සිටි අවස්ථාවකදී නිරවද්‍ය ඝාතනයක් සිදු කිරීමට සමත් විය. IDF සහ ෂින් බෙට් (ISA) විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වන්නේ, “හමාස් සංවිධානයේ හමුදා නායක මොහොමඩ් සින්වාර්ගේ මළ සිරුර සොයාගෙන ඇත” යනුවෙනි.
මෙහෙයුම අතරතුර තවත් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකුගේ මළ සිරුරුද සොයාගන්නා ලදී, ඔවුන්ගේ අනන්‍යතාවය දැනට පරීක්ෂා කරමින් පවතී. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිකුත් කළ දර්ශන වලදී දැක්වෙන්නේ රෝහලක් යටින් පවතින උමං පද්ධතියකින් ප්ලාස්ටික් බෑගයකින් ජීවිතක්ෂයට පත් මළ සිරුරක් ඇදගෙන යන ආකාරයයි.
