බිල්ගේට්ස් ලංකාවට ගෙන්වා ජනපති රනිල් කරන්න යන දේ මෙන්න.

Ranil Wickremesinghe Ruwan Wijewardene Sri Lanka Bill Gates
By Wayomi Dec 24, 2022 04:59 AM GMT
Wayomi

Wayomi

Report

ලබන වසරේ ශ්‍රී ලංකාව තුළ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් ඇතුළු ව්‍යාපාරිකයන් රැසකගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් පැවැත්වීමට ජනපති රනිල් වික්‍රමසිංහ සූදානම් වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊට අදාළ සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම්ට හා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට භාර දී ඇති බව සඳහන්.

ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරන ලෙසට දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමටත්, බිල් ගේට්ස් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW