වසර 50කට පසු සහරාවට විශාල වර්ෂාවක්. - විශාල ජල තටාක නිර්මාණය වෙයි. - ටික කාලයක් යද්දී සහරාව අතුරුදන් වෙයි.? - (VIDEO)

Weather
By Wayomi Oct 14, 2024 01:03 PM GMT
Wayomi

Wayomi

Report

ලොව අතිශයින්ම වියළි හා නිසරු ප්‍රදේශයක් හැටියට සැලැකෙන සහරා කාන්තාර කලාපයට හදිසියේම පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් එහි ස්ථාන රැසක් මේ වනවිට ජලයෙන් පිරී ගොස් තිබෙනවා.

වසර 50කට ආසන්න කාලයක් වියැලී තිබූ මොරොක්කෝවේ ඉරික්කි විල මේ වනවිට ජලයෙන් පිරී ඇති ආකාරයයි ඒ සම්බන්ධ ඡායාරූපවල සහ වීඩියෝ දර්ශන වල දැක්වෙනවා.

එහි පිළිස්සී තිබූ එහි තෘණ දැන් කොළ පැහැයෙන් දළු ලා ඇති ආකාරය ද දැකගත හැකිය.

රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.

රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.


ගිනිකොණදිග මොරොක්කෝවට බලපා තිබූ දැඩි නියඟය හමාර කරමින් පසුගියදා බලාපොරොත්තු නොවූ වර්ෂාවක් පතිත වුණා.

එහි කාලගුණ අංශ ප්‍රකාශ කළේ දින දෙකක් තුළ දී එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම මෙම කලාපයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 250කට අඩුය. දකුණුදිග රබාත් නගරයට කිලෝමීටර 450ක් දුරින් පිහිටි ටග්විනිටේ ගම්මානයට පැය 24ක කාලයක් තුළ දී මිලිමීටර 100 ඉක්මවා ගිය වර්ෂාවක් ඇද හැලී තිබෙනවා.

මොරොක්කෝ කාලගුණ විද්‍යා අංශයේ ප්‍රකාශක හුසේන් බුආවෙබ් පවසන ආකාරයට මෙය වසර 50කට පසු ඉතා කෙටි කාලසීමාවක් තුළ සහරාවට පතිත වූ විශාලම වර්ෂාවයි.

වහාම ජනපති අනුර මැදිහත් වෙයි. - කාලගුණයෙන් විපතට පත් අයට මිලියන 84ක්. - දැනටමත් රු.මි 33ක් අතේ. - (VIDEO)

වහාම ජනපති අනුර මැදිහත් වෙයි. - කාලගුණයෙන් විපතට පත් අයට මිලියන 84ක්. - දැනටමත් රු.මි 33ක් අතේ. - (VIDEO)

 

මේ හේතුවෙන් ඝර්ම කලාපීය කුණාටු නිර්මාණය වියහැකි බවට කාලගුණ විද්‍යාඥයෝ ඉඟි පළ කරනඅතර ඔවුන් පවසන්නේ අධික ජල ස්කන්ධය වාෂ්ප වී ප්‍රදේශයේ ආර්ද්‍රතාව ඉහළ යෑමෙන් එහි කාලගුණ තත්ත්වයේ විපර්යාසයක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම බුආවෙබ් ට අනුව එය කුණාටු තත්ත්වයකට වුවද පරිවර්තනය විය හැකිය.

මෙම වර්ෂාව පතිත වූයේ අඛණ්ඩව පැවැති වසර හයක නියං කාලයකට පසුව වන අතර ජලය හිඟවීම හේතුවෙන් ඒ ආශ්‍රිතව වාසය කළ ජනතාව සිය වගාවන් ද අත්හැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට එහි ජලය පිරී ඇති නමුත් බලධාරීන්ගේ අදහස වන්නේ දිගුකාලීන නියඟයේ බලපෑම සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.