රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.

Sri Lanka Landslide In Sri Lanka Weather Floods In Sri Lanka
By Wayomi Oct 14, 2024 09:33 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බව එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පවතින ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඇති විය හැකි තද සුළං සහ වැසි තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙන තුරු උතුර - නැගෙනහිර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

කෙසේ වෙතත් හෙට දිනයෙන් පසු ඉදිරි දින දෙක තුලදි  එම අඩුපීඩන කලාපය බටහිර - වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

කොළඹට එන ප්‍රධාන මාර්ගයක් හදිසියේම වසා දමයි.

කොළඹට එන ප්‍රධාන මාර්ගයක් හදිසියේම වසා දමයි.


ඒ අනුව උතුරු ,නැගෙනහිර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර 60ත් 70ත් අතර තද සුලං සමගින් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.

ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදා කළමනාකරණ වාර්තා අනුව අයහපත් කාළගුණය හේතුවෙන් නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇත.

පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

මෙන්න සුබ ආරංචියක්. - සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ.- ජනාධිපති උපදේශකගෙන් විශේෂ ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්. - සහන වැඩි කරන්න IMF විරුද්ධ නෑ.- ජනාධිපති උපදේශකගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද සිට රජයෙන් දෙන සහනාධාර බැංකු ගිණුම් වලට වැටෙන්නේ මෙහෙමයි.

අද සිට රජයෙන් දෙන සහනාධාර බැංකු ගිණුම් වලට වැටෙන්නේ මෙහෙමයි.

වහාම ජනපති අනුර මැදිහත් වෙයි. - කාලගුණයෙන් විපතට පත් අයට මිලියන 84ක්. - දැනටමත් රු.මි 33ක් අතේ. - (VIDEO)

වහාම ජනපති අනුර මැදිහත් වෙයි. - කාලගුණයෙන් විපතට පත් අයට මිලියන 84ක්. - දැනටමත් රු.මි 33ක් අතේ. - (VIDEO)