ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඩොලරයේ සහ රන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම සිදු වී ඇති දේ මෙන්න.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩොලරයේ අගය ශක්තිමත් වී ඇතැයි ද, කොටස් වෙළෙඳ පොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මාස හතරකට පමණ පසු ඩොලරය එහි ඉහළම අගයට ළඟා වී ඇති අතර වසර හතරකට පසුව යුරෝව ඩොලරයට සාපේක්ෂව විශාලම දෛනික පහත වැටීමට ලක්ව ඇත.
ජපානයෙන්, යුරෝ, මෙක්සිකානු පෙසෝ, චීන යුවාන් අගයන් ද පහත වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඩොලරය ස්ථාවර වීම මත රන් සහ තඹ මිල ද යම් ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.
පසුගිය සතියේ රන් අවුන්සයක අගය ඩොලර් 2790.15 ක් වූ අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට එය ඩොලර් 2657.65 දක්වා පහත වැටී තිබුණා.
ඒ අනුව ඩොලර් 130 කින් පමණ රන් මිල පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
වසර දෙකකට පසු එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ එක් රැයක් තුළ 2.5% කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.
බදු, වෙළෙඳාම සහ සංක්‍රමණික නීති පිළිබඳ ට්‍රම්ප්ගේ යෝජිත ප්‍රතිපත්ති මෙම ආර්ථික වර්ධනයට හේතු වී ඇති බවයි විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.
ආසන 270ක අවම සීමාව පසු කිරීමත් සමඟ ජයග්‍රගණය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ තමන් ඇමෙරිකාව යළිත් සුවපත් කිරීමට සහය වන බවයි.
එහිදී ඔහු අවධාරණය කළේ, ඇමෙරිකානු දේශසීමා යළි තහවුරු කරන බව යි.