මෙච්චර ලස්සන ඇය සම්මාන උළෙලකදී ඇඳුම් ගලවා දමා නිරුවත් වෙයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න(VIDEO)

By Aruna Feb 07, 2025 01:08 AM GMT
Report

2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) සහ ඔහුගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) එම උළෙලට සහභාගී වූවන් පුදුම කිරීමට පසුගියදා සමත් වුණා.

ඊට හේතුව වූයේ බියන්කා සෙන්සෝරි, සම්මාන උළෙලේ රතු පළස මතින් යාමේ දී නිරුවත් වීමයි.

කානි වෙස්ට්, මෙවර පැවැත්වෙන 67 ග්‍රැමී සම්මාන උළෙලේ සම්මානයක් සදහා නිර්දේශ වී තිබුණා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)


විදෙස් මාධ්‍ය සදහන් කළේ, කානි වෙස්ට්, ටයි ඩොලා සයින් නම් ශිල්පියා සමඟ එක්ව නිර්මාණය කළ “Carnival” නැමැති ගීතය මෙලෙස නිර්දේශ වී තිබූ බවයි.

මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව බියන්කා මෙම අවස්ථාවට දිගු කළු ලොම් කබායකින් සහ විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සහභාගී වී සිටියා.

කෙසේවෙතත්, සෙන්සෝරි රතු පලස මතදී ඇගේ කළු කබාය ඡායාරූප ශිල්පීන් ඉදිරියේ ඉවත් කළ අතර එහිදී ඇය ඉතා දුහුළු කුඩා ඇඳුමකින් සැරසී සිටිය නමුත් එය දිස්වූයේ සම්පූර්ණයෙන්ම නිරුවත් පෙනුමකින් වීම කාගේත් අවධානය දිනාගැනීමට සමත් වුණා.

දිවයින පුරා අද වෙනස්ම කාලගුණයක්..ඉදිරි පැය 24 ගැන කාලගුණ වාර්තාව මෙන්න.

දිවයින පුරා අද වෙනස්ම කාලගුණයක්..ඉදිරි පැය 24 ගැන කාලගුණ වාර්තාව මෙන්න.


එහිදී ඇති වූ ව්‍යාකූලතාවය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙපළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙවැනි සම්මාන උළෙලකදී ඒ අතර තුර මෙවැනි නිරුවත් වීමේ ක්‍රියාවක් කෙතරම් දුරට සුදුසු දැයි සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස මේ වන විටත් කතා බහට ලක්වෙමින් පවතී.

මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න👇