ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන දෙකකට ආසන්න ආයෝජන ගෙන ඒමට සැරසෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබන වසරේ දී මෙරටට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකට ආසන්න ආයෝජන ගෙන ඒම සදහා සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා තිබේ.
එතුමා පෙන්වා දෙනු ලබන්නේ මෙම වසර තුළ දී ආයෝජන මණ්ඩලය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ජයගෙන තිබෙන බවයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ෂීල්ඩ් රෙස්ට්‍රෙයින්ට් සිස්ටම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අර්ජුන හේරත් මහතා මේ අදහස් දක්වා තිබේ .
ඒ වගේම මෙම කර්මාන්ත ශාලාව තුළින් ළමා ආරක්ෂිත ආසන, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික උපකරණ ඇතුලු නවීන උපාංග බොහෝමයක් නිෂ්පාදනය කරනු ලබයි.
තවද මෙම ආයතනය වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය අති නවීන නිෂ්පාදන පහසුකම ආරම්භ කර ඇත්තේ විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.