ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ 5කගේ ඉගෙනුම කඩා වැටිලා
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවල බලපෑම ශ්‍රී ලංකාවේ ළමයින් 5,61,000ට වැඩි පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට බලපා තිබෙන වග යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ .
ඒ වගේම ජනතාවට මුහුණ දෙන්නට සිදු වූ ආපදා හේතුවෙන් ළමයින් ලක්ෂ හතරකට වැඩි පිරිසකගේ ආරක්ෂාව අවදානම් සහගත වී ඇති බවත් වාර්තා වේ.
තවද එම වාර්තා පෙන්වා දෙන්නේ පීඩාවට පත්වූ මිලියන 1.1 පමණ පිරිසකට පිරිසුදු ජලය හා සෞඛ්‍ය සේවා ලබාගැනීම අපහසු වී තිබෙන බවයි.
ශ්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම ආදි කටයුතු කරමින් සිටින බවද එහි සදහන් කර තිබේ.
නමුත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන ලද නවතම වාර්තාවෙ ප්‍රකාශ කරන්නේ ළමා ආරක්ෂාව, පිරිසුදු පානීය ජලය, සනීපාරක්ෂාව මෙන්ම පෝෂණය සහ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි.
ඒ අනුව ලංකාවේ පවතින මේ තත්වය මත විවිධ අයුරින් යුනිසෙෆ් සංවිධානය ආධාර සපයන බව ප්‍රකාශ කරයි.
ළමා හිතකාමී පරිසරයක් ක්‍රියාත්මක කිරීම,
පීඩාවට ලක්වූවන්ට පිරිසුදු ජලය ලබාදීම,
මනෝ සමාජයීය සහන ලබාදීම,
වයස අවුරුදු පහට අඩු දරුවන්ට මෙන්ම ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට අතිරේක ආධාර ලබාදීම
යුනිසෙෆ් සංවිධානය සිදුකරයි .
තවද ඉදිරි සති කිහිපය තුළ මෙම සේවාවන් තවදුරටත් පුළුල් කරන බවත් එම වාර්තාවේ තවදුරටත් සදහන් කර තිබේ.