ජලාශ 89ක් තවදුරටත් වාන් දමයි - ගංවතුර තත්ත්වය තවමත්
ශ්‍රී ලංකාවේ පැවති අධික වැසි සහිත කාලගුණය නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමමින් පවතින බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ, මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ තවමත් සුලු ගංවතුර මට්ටමක් පවතින බවයි.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
එම මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටස හරහා ජලය ගලා යාම හේතුවෙන්, ආරක්ෂාව සඳහා ඊයේ (19) රාත්‍රියේදී ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය සීමා කිරීමට පොලොන්නරුව පොලිසිය පියවර ගෙන තිබේ.
කුඩා වාහන ධාවනය අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බව පොලිසිය සඳහන් කරයි.
ජනතාවට මාර්ගය භාවිතා කිරීමේදී අතිශයින් පරිස්සමෙන් කටයුතු කරන ලෙසත්, ආපදා අනතුරු ඇඟවීම්වලට සවන් දෙන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිති.