ඉදිරි පැය 24 තුළ බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් - රටටම අවධානමක් ගැන දැනුම්දෙයි

Report

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව වාර්තා වේ.

ඒ අනුව අද (06) සවස 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින මෙන් ද දැනුම් දී ඇත.

එමෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

එමෙන්ම සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40පමණ වන බව දැක්වේ.

බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක දක්වා ඉහළ යා හැකි බව ද එම නිවේදනයේ පෙන්වා දෙයි.

එසේම බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි අතර, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතින බව වාර්තා වේ.

නැවත සක්‍රීය වූ නාය අනතුරු සමඟ රටේ තත්ත්වය අවදානමේ - මුහුදු රළත් මීටර් 2.5 - 3 දක්වා ඉහළට

නැවත සක්‍රීය වූ නාය අනතුරු සමඟ රටේ තත්ත්වය අවදානමේ - මුහුදු රළත් මීටර් 2.5 - 3 දක්වා ඉහළට

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්