ශ්‍රී ලංකාව ලකුණු 128කට දැවී යයි
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) දින පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
එහිදී ඔවුන්ට පන්දුවාර 19.2කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි.
ඒත් සමඟ තරග 3කින් යුත් මෙම තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබාගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 129ක ඉලක්කයක් හිමි වුණා.
එසේම ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ එම සැලසිලිදායක ඉනිම මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ විසින් ගොඩනැගූ අතර, ඔහු පන්දු 31කින් ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.
ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 2ක් ඇතුළත්. ඒ හැර චරිත් අසංලක හා වනිඳු හසරංග ලකුණු 18ක් බැගින් රැස් කළා.
එමෙන්ම පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා (3/18) හා අබ්රාර් අහ්මඩ් (3/25) කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
මෙම තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.