පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් භාර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) දින සිදු වුණා.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් වශයෙන් පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 17( 16.4)වන පන්දුවාරයේදී පසුකර යෑමට පාකිස්තානය සමත්කම් දැක්වුවා.
එසේම විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සහිබ්සදා ෆර්හාන් පන්දු 36කට මුහුණදෙමින් ලකුණු 51ක් රැස්කර පාකිස්තානු ජය පහසු කර දීමට සමත් විය.
මේ අතර මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග හා ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගෙන තිබුණා.