මොන අපරාධයක්ද කිරිසප්පයව මරලා අම්මත් බෙල්ලේ වැල දාගෙන
බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය දරුවා ඝාතනය කර ඇය ද ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වේ.
බටපොළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ කාන්තාවගේ සහ දරුවාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස තුළ තිබී සොයා ගත් බව පොලිසිය වාර්තා කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු තුනාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු වන අතර මියගිය කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අයෙකු වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.