බාබකියු උදුනක් කාමරයේ තියාගත් තිදෙනෙකුට සිදු වූ දේ..
බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනකු සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ බව නුවරඑලිය පොලිසිය පවසයි.
කුරුණැගල මහව ප්‍රදේශයේ සිට නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි 08 දෙනකු නුවරඑලිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වි ඇත.
එම පිරිස ඊයේ රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා ඇති අතර,එහිදි බාබකියු උදුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන අලුයම 3 ට පමණ එම පිරිස සිටි පුද්ගලයන් තිදෙනකු බාබකියු උදුන ඔවුන් කාමරයක් තුලට රැගෙන ගොස් ඇත.
ඒ මෙම දිනවල පවතින සීතල මඟහරවා ගැනීම සඳහායි. එම කාමරය තුල අවු 20 , 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනකු සිට ඇති බවත්, ඔවුන් අද අලුයම අවදි නොවු නිසා ඒ පිලිබදව සොයා බැලිමේදි එම තිදෙනා ඇද මත සිහි සුන්ව සිට ඇත.
ඒ පිලිබදව එම සංචාරය සදහා පැමිණි සෙසු පිරිස එම නිවසේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු ප්‍රදේශවාසින් සමග එක්ක 1990 ගිලන් රථය මගින් නුවරඑලිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
රෝහල් ගත කළ තිදෙනාගේ තත්ත්වය බරපතල නිසා එම තිදෙනා නුවරඑලිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, එම තිදෙනාගේ තත්ත්වය බරපතල බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |