ලංකා බැංකුවේ සුවිශේෂී වෙනසක්..පාරිභෝගිකයන් සතුටු වෙයිද..
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා පත්කර තිබෙනවා. ඔහු 2024 නොවැම්බර් (04) වන දින සිටයි ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ.
වෘත්තීය බැංකුකරුවෙක් වන ඔහු වසර 30කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ වසර 25ක කළමනාකාරීත්වයේ පළපුරුද්ධක් සහිතයි.
මෑතකදී ශ්‍රී ලංකාවේ සිටිබෑන්ක්(Citibank) හි අධ්‍යක්ෂ සහ මෙරට ව්‍යාපාර ප්‍රධානී ලෙස ඔහු සේවය කළා. Citibank හා සම්බන්ධ වීමට ප්‍රථම ඔහු NDB බැංකුව, Nations Trust බැංකුව සහ Seylan බැංකුව යන ආයතනවල සේවය කර ඇති අතර දැනට, ඔහු CIMA U.K හි ගෝලීය කවුන්සිලයේ සාමාජිකයකු ලෙසද සේවය කරනවා.
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂක, උපපරිපාලක සහ උපදේශක මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ සහ රුහුණු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ (AmCham) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන්ද කටයුතු කරනවා.