බැංකු 08කින් අඩු පොළියට ණය ලබාගත හැකි අලුත් ක්‍රමයක්..ණය ගතහැකි පිරිස මෙන්න.
Central Bank of Sri Lanka
The Bank of Ceylon
Sri Lanka
People's Bank
By Aruna
ව්‍යාපාර කටයුතු සඳහා කාරක ප්‍රාග්ධනය අවශ්‍යව සිටින සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට 11% - 12% අතර පොළී අනුපාතිකයක් යටතේ ණය ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් අරඹා තිබෙනවා.
කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඇති කෘෂිකාර්මික, සංචාරක සහ අපනයන, නිෂ්පාදන ක්ෂේත්‍රයන් නියෝජනය කරන ව්‍යාපාරික ප්‍රජාවට උපරිමය රුපියල් මිලියන 100 දක්වා වූ ණය මුදලක් මෙම වැඩසටහන යටතේ ලබා ගත හැකි වනවා.
අදාළ ණය යෝජනා ක්‍රමය සඳහා ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකු අටක් වෙත රුපියල් මිලියන 4,900 ක මුදලක් බෙදා හැර තිබෙනවා.
මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |