හදිසියේම වැටලූ ක්‍රිකට් ආයතනය

By Zara Apr 17, 2025 04:00 PM GMT
Report

බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් මිර්පූර්හි පිහිටි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි වැටලීමකට ලක්කර තිබෙනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ, ඉකුත් අඟහරුවාදා (15) දහවල් 12ට පමණ තිදෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි.

කෙසේ නමුත් මෙම වැටලීමට අදාළ තොරතුරු එරට මාධ්‍යය විසින් අනාවරණය කර ඇත්තේ ඊයේ (16) පස්වරුවේදීය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මෙහෙවන විවිධ ක්‍රිකට් ලීගවල තේරීම් කටයුතුවල සිදුවන අක්‍රමිකතා, BPL ටිකට්පත් අලෙවියේ සිදු වූ අක්‍රමිකතා ඇතුළුව මූල්‍ය ලාභ සහ වෙනත් ආකාරයේ දූෂණ වැනි කරුණු කිහිපයක් පිළිබඳ සොයාබැලීම සඳහා මෙම වැටලීම සිදුකර තිබෙනවා.  

කෑම වෙනුවට ලැබුණු ගුටි කෑම

කෑම වෙනුවට ලැබුණු ගුටි කෑම

නිමේෂ් සත්සරගේ සිරුර යළි ගොඩගනීමට අවසර ලැබුනද?

නිමේෂ් සත්සරගේ සිරුර යළි ගොඩගනීමට අවසර ලැබුනද?