බන්දුලට,විමල්ට හා ප්‍රසන්නට මානව හිමිකම් කොමිසමෙන් හදිසි කැදවීමක්
පෙර දැනුම්දීමට අනුව අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම කොමිසමට දැනුම්දී තිබෙනවා.
එහි දී අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගිවීමට තිබෙන බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.
තමන්ට නඩු කටයුත්තකට සහභාගිවීමට තිබෙන බැවින් කොමිසම හමුවේ අද(29) පෙනී සිටිය නො හැකි බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද එම කොමිසමට දැනුම් දී තිබුණා.
ඉකුත් මැයි 9 සහ ඉන් පසු සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර සිය නිවාස ගිනි තැබීම්, දේපළ හානි සිදුකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණා. ඒ අනුවයි ඔවුන්ට අද එම කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබුවේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |