කැළණි සරසවිය වසා දැමීමට හේතු වූ සිසුන් 4දෙනාට තහනමක්.
University of Kelaniya
Education
By Wayomi
ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
එමෙන්ම මේ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඊයේ (04) පියවර ගනු ලැබුවා.
ඒ, අනුව ඊයේ පස්වරු 2 සිට නැවත දැනුම් දෙනතුරු වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය වසා දමන බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනය කළා.
ඒ, පන්ති තහනමට ලක් වූ සිසුන් සිව්දෙනා කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටිය දී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළවයි.