පාකිස්ථානයට විරුද්ධව බලූච් ව්‍යාපාරයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්

Report

කයිබර් පක්තුන්ක්වා හි කයිබර් දිස්ත්‍රික්කයේ ටිරා නිම්නය වෙත පාකිස්ථාන ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය එරට බලුච් ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දකී.

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

එම ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 30කට වැඩි පිරිසක් මියගිය අතර පකිස්තානය “ත්‍රස්තවාදී රාජ්‍යයක්” ලෙස පිළිගන්නා ලෙස බලොච් ජාතික ව්‍යාපාරය රටවලින් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත.

පාකිස්ථානය තමන්ගේම ජනතාවට එරෙහිව බලය භාවිතා කරන රාජ්‍යයක් බවයි ඔවුන් පවසන්නේ. බලූච් ජාතික ව්‍යාපාරය සිය X ගිණුමේ සටහනකින් ''එබැවින් පාකිස්ථානය ම්ලේච්ඡ බලය, බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන හරහා සාමකාමී දේශපාලන ව්‍යාපාර තලා දමන ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙස අපි ශිෂ්ට සම්පන්න ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.'' යැයි පවසා ඇත.

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

එවැනි පීඩනයකට ප්‍රතිචාර වශයෙන් පුරවැසියන් තමන්ව ආරක්ෂා කර ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන විට, රාජ්‍යය සාමූහික දඬුවම් සහ අනුකම්පා විරහිත ප්‍රචණ්ඩත්වයක් දක්වන බව ද බලුච් ජාතික ව්‍යාපාරය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.