සාමනේර හිමිනමකට පහර දෙයි..6 දෙනෙකු අත්තඩංගුවට
බලන්ගොඩ සාමනේර හිමිනමකට පහර දුන් 06 ක් 10 දක්වා රිමාන්ඩ් . බලන්ගොඩ හල්පේ විහාරස්ථානයක වැඩ වෙසෙන සාමනේර හිමිනමකට පහර දුන් සැකකරුවන් 06 දොනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (07) දා නියෝග කර තිබෙනවා.
බලන්ගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස රිමාන්ඩ් කර තිබෙි.පහර කැමට ලක් වු හිමිනම බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබනවා.
ඊයේ (06) දා රාත්‍රියේ එම සාමනේර හිමිනම පමණක් හල්පේ ආනන්ද මෛත්‍රෙය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ වැඩ වෙසෙන අවස්ථාවෙිදි විහාරස්ථානට පැමිණ තර්ජනය කර මෙලෙස පහර දුන් බවට එම සාමනේර හිමිනම විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා
""පහර කැමට ලක්ව බලන්ගොඩ මුලික රෝහල් ප්‍රතිකාර ලබන හල්පේ විජිතවංශ සාමනේර හිමිනමගෙන් කල විම සිමකදි මෙසේ පැවැසුහ- පංසලේ ලොකු හාමුදුරුවන් සමග සමෙනේර හිමිවරු හයදෙනෙක් වැඩ වාසය කරනවා. සාමනේර හිමිවරුන්ට ලොකු හාමුදුරුවෝ නිරන්තරයෙන්ම තාඩන ,පිිඩන, ලිංගික හිංසන කරනවා.
මම මෙිි ගැන පංසලේ දායක සභාවට දැනුම් දුන්නා. ඊට පස්සේ ඊයේ රාත්‍රියේ (06) අනිත් සාමනේර හිමිවරු පස්දෙනාත් එක්ක ලොකු හාමුදුරුවෝ පන්සලෙන් යන්න ගිය. මම විතරක් පංසලේ වැඩ වාසය කරන විට රාත්‍රියේ පිරිසක් ඇවිත් මට තර්ජනය කරල පහර දුන්නා. මම ඒ අය හදුනා ගත්තා. එතන මාලිමාවව පක්ෂයේ අපේෂකයෙකු ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකරැවන් පිරිසක් ඉන්නවා.
