දින කිහිපයකට පසු අඹුසැමි යුවලගේ සිරුරු නිවස තුළින් හමුවේ
දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරු දෙකක් බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ තිබී බලවන්තලාව පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ, සින්නයියා විජේකුමාර් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් සහ පෙරුමාල් ගෞරි නැමති 37 හැවිරිදි අඹුසැමි යුවළකි.
පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටීම හේතුවෙන් ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇද මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලිසියට ප්‍රකාශ කර ඇත.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස පරීක්ෂෘ කිරීමේදී නිවස තුළ තිබී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, එම වස පානය කර ඔවුන් සියදිවි හානි කර බවට පොලිසිය සැක පළ කරයි.
මියගිය කාන්තාව මීට ප්‍රථම විවාහ වී සිට ඇති කාන්තාවක් වන අතර මරණකාරිණියට අවුරුදු 14ක දියණියක් සිටින බවත්, ඇය මියගිය කාන්තාවගේ සොහොයුරිය භාරයේ සිටින බව පොලිසිය සඳහන් කළේය.
වස පානය කර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
