ජෝඩු 108ක් එකම කෝවිලක මේකනම් පිස්සු හැදෙන වැඩක්

Report

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108 ක් ඊයේ(28) යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදි විවාහපත් වීම සිදුකරනු ලැබීය. යාපනය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාබී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108 ක් එලෙස නැකතට තැල්ල බැදීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහවීම එහිදි සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත යුවළවල් පිරිසක් එලෙස එකම කෝවිලකදි ,හින්දු චාරිත්‍රානුකූලව විවාහපත්වීම එහිදි සිදුකළහ. සිංගප්පූරුවේ පදිංචි ටි.තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්ව දරමින් විවාහ උත්සවය සංවිධානය කොට තිබිණ.

සිංගප්පූරුවේ රනිල්ගේ යාළුවෙක් ඉන්නවා එයත් අපරාධකාරයෙක් - ලාල් කාන්තගෙන් විශේෂ අනාවරණයක්

සිංගප්පූරුවේ රනිල්ගේ යාළුවෙක් ඉන්නවා එයත් අපරාධකාරයෙක් - ලාල් කාන්තගෙන් විශේෂ අනාවරණයක්

මගේ දියණියගේ විවාහ මංගල්ලයේදී ඇතිවු සිතුවිල්ලක් මත තමයි මේ ක්‍රියාව සිදුකළේ.විවාහයක් කරගන්න එක සෑම ආදරණිය ජෝඩුවකම අපේක්ෂාව.සල්ලි අඩුපාඩුකම් මත විවාහ මංගල්ලයක් කරගන්න බැරුව ගොඩදෙනෙක් දුක්වෙනවා.

චාමරගේ නඩුව යලි කැදවන්න දින

චාමරගේ නඩුව යලි කැදවන්න දින

ඒ ගැන හිතලා තමයි මම මේ ක්‍රියාව කරන්න මුල්වුණේ. මට පුළුවන් විදියට මම ඒ ආදරණිය ජෝඩුවලට උපකාරයක් කළා.ව්‍යාපාරික තුරෙයි මහතා සදහන් කළේය. වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එස්.සුදර්ශන් මහතා ඇතුළු විවාහපත් පිරිසගේ ඥාතීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගය - කාසියේ වාසිය සිම්බාබ්වේට

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගය - කාසියේ වාසිය සිම්බාබ්වේට