රනිල්ගේ වත්මන් සෞඛ්‍යය තත්වය මෙන්න - සාමන්‍ය වාට්ටුවකට අද දානවලු
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දින සාමාන්‍ය කාමරයකට මාරු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රෝහලේ දිගටම ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
පසුගිය 22 වන දින රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා, වැඩිදුර ප්‍රතිකාර සඳහා 23 වන දින බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරනු ලැබීම විශේෂ සිදුවීමක් විය.
මේ සම්බන්ධයෙන්, 26 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ඇප තුනක් මත නිදහස් කිරීම ද සුවිශේෂී සිදුවීමකි.