මරාගෙන මැරෙන බෝම්බකරුට අනුග්‍රහය දැක්වූ මෙරට ප්‍රබලයා හමුවේ

HIGH COURT CID ESTER ATTACK RIYAJ BADURDEEN BADURDEEN
By Sewvandhi Jul 28, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත සමාගමක් වෙත එවක කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් පාලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විශේෂ අනුග්‍රහයක් සලසා දී තිබූ ආකාරය පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම පෙත්සම් සලකා බැලීම විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha