ඇවිලුණු කාලගුණයෙන් මරණ 6ක් - රටම කම්පා වෙයි - මෙන්න විස්තරේ

Report

රටට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට දැඩි බලපෑමට ලක්ව ඇත. මෙම අපද තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 6ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

එම මරණ වලට අදාළ විස්තර පහතින්, ඊයේ (03) දින ඇදහැලුණු වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.

කාලගුණය කැළඹෙයි - මේ පැති වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

කාලගුණය කැළඹෙයි - මේ පැති වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

ඊයේ (03) සවස වටවල පොලිස් වසමේ ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලමෙ මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මහවැලි ගඟට වැටී දියේ ගිලී මියගොස් ඇත.

මේ අතර, ඊයේ දහවල් ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්‍රදේශයට හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවුනු මාර්ගයක ගමන්ගත් පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අඹගමුව ප්‍රදේශයේ අයෙකි.