අද ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක් - වතුර කපන වේලාවන් සහ ප්‍රදේශවල සම්පූර්ණ විස්තරේ මෙන්න
කඳන ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) දින ප්‍රදේශ රැසකට පැය 05 සිට පැය 16 දක්වා කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05ක කාලයක් මොරටුව, කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම්ගහවත්ත, පොල්වත්ත, ශ්‍රියා පෙදෙස, ක්ලෝවියස් මාවත, ගුණවර්ධනාරාම පාර, ලේක් විලා, ශාන්ත පීතර පටුමග, පී.එම්. ප්‍රනාන්දු මාවත, මහවිදාන මාවත, ජනප්‍රිය පාර, ශාන්ත පීතර පාර, ලැරැන්සිස්කෝ පෙදෙස, එගොඩඋයන සහ මෙල්විල් වත්ත ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.
එසේම පානදුර, කිරිබේරිය, හිරණ, කෙසෙල්වත්ත සහ පින්නවල ප්‍රදේශ සඳහා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
බණ්ඩාරගම, රයිගම, මිල්ලෙනිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝමුල්ල සහ මොරොන්තුඩුව ප්‍රදේශවලට පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව දන්වයි.
තවද හොරණ, කුඹුක සහ ඉංගිරිය ප්‍රදේශ සඳහා ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 05ක් ජලය අත්හිටවනු ඇති බව එම මණ්ඩලය පවසයි.
ඊට අමතරව හොරණ, මදුරාවල, පෝරුවදණ්ඩ, කුඹුක, ගෝනාපොල, කහතුඩුව, කිරිවත්තුඩුව, ඉංගිරිය, නම්බපාන ප්‍රදේශද ඊට අයත් වේ.
ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්
එමෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ අද (04) ප.ව. 4.00 සිට හෙට (05) පෙ.ව. 8.00 දක්වා - පැය 16ක් පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්තන්තර, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහපොල, මොරටුව පාර, කොස්පැලෑන, ගංගාරාම පාර සහ නිලම්මහර ප්‍රදේශ සඳහා ජලය අත්හිටුවන බවයි.
ඒ අනුව වැඩිදුර තොරතුරු සඳහා 1939 ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බව ද දන්වයි.