කොවිඩ් වැළඳී මිය ගිය මාස පහක නූපන් කළලය (PHOTOS)

Covid 19 Baby dead
By Sithumi Aug 25, 2021 02:05 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මාරයට බිලිවූ මාස පහක කළලය.. මාස 5ක් වූ නූපන් දරුවෙකු කෝවිඩ් වැළදී ගම්පොල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති 8ක් වූ දරුවෙකු ද මියගොස් තිබුනේ ගම්පොලදීය. 

 මෙම නූපන් දරුවාගේ මව ගම්පොල නගරයේ නුවරඑළිය මාර්ගයේ පදිංචිකාරියක් වන අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිට ඇත. ඒ අතර තුර සති 20ක් (මාස 5) දරුවා පිලිබඳව වෛද්‍යවරු සැලකිල්ලෙන් සිටියද එම දරුවා කුස තුළ මියගොස් ඇති බව දැන පසුව දරුවා සැත්කමක් කොට එළියට ගෙන ඇත. එහිදී සිදුකල පරීක්ෂාවකදී මෙම දරුවා ආසාධිත බව හදුනා ගෙන ඇත.

36 හැවිරිදි මව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ පවුලේ සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට ගම්පොල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

ගම්පොල උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.ෂාහිඩ් මහතා පවසන්නේ කොරෝනා වෛරසයට ලක්වන ගර්භනී මවක් විවිධ සංකූලතාවන්ට ගොදුරු වන නිසා මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කළයුතු බවයි. මියගිය දරුවාගේ ආදාහනය අද (25දා) ගම්පොල නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


GalleryGallery