ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ප්‍රධාන පූජක ලංකාවට පැමිණෙයි

Report

ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් තුමා ඇතුළු දූත පිරිසක් විශේෂ සංචාරයක් සඳහා අද (23) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

​නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-192 දරන ගුවන් යානයෙන් පැමිණි ගිහි-පැවිදි 14 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස පිළිගැනීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. ​

මෙම දූත පිරිස ශ්‍රී ලංකාවේ ප්‍රකට ශිව කෝවිල් වන මන්නාරම තිරුකේශ්වරම්, යාපනය නගුලේශ්වරම්, ත්‍රිකුණාමලය කෝනේශ්වරම් සහ නුවරඑළිය ශීතා අම්මාන් කෝවිල සහ පොළොන්නරුව ඉපැරැණි නටඹුන් සහිත ශිව කෝවිල් වෙත ද චාරිකාවේ නිරත වීමට නියමිතය. ​පැමිණ සිටින දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට ද එක්වීමටත් නියමිත ය.

GalleryGalleryGalleryGallery