ගෑස් සිලින්ඩරෙන් දිවි අහිමි වූ අයේශාගේ සංවේදී නික්ම යෑම..සංවේදී ඡායාරූප සහිතයි..(PHOTOS)
පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති කාන්තාවක් ඊයේ (25) සවස මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව අප වාර්තාකරු සඳහන් කළා. මුළුතැන් ගෙයි තිබූ ගෑස් උඳුන ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.
ඒ වන විට නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා. මියගිය තරුණියගේ පියා වන දිඹුලාගල පැලටියාව අංක 481 ලිපිනයේ පදිංචි බී.ජී. ජයසූරිය මහතා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි.
මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය දහනම හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු අද (26) පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
අයේශා කුමුදුනීගේ අවසන් කටයුතු සිදු වූ අවස්ථාවේ ඡායාරූප පහතින් දැකගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |









