මට තාම ආදරය කරන්න කෙනෙක් නෑ’ මලක් වගේ සුන්දර අවිශ්කා කියන කතාව (PHOTOS)

By Sithumi Nov 24, 2021 06:03 PM GMT
Sithumi

Sithumi

Report

ඇත්ත නමින් හඳුනනවාට වඩා සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා එහෙම නැත්නම් මල්කඩේ මිස් කිවුවාම කවුරුත් හඳුනන චරිතයක් ගැන තමයි දැන් කතා කරන්නේ.ඇය නමින් අවිශ්කා උමයංගි.

දෙරණ නාළිකාවෙ විකාශනය වන තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන ‘හිතුවක්කාර’ ටෙලි නාට්‍යයේ ‘ගුවනි’ චරිතය තුළිනුත් අපිට ඇයව මේ දිනවල දැක ගන්න හැකියාවක් තිබෙනවා. ඉතින් ඇය පසුගිය දවසක පුවත් පතක් සඳහා ඇගේ නවතම තොරතුරු කිහිපයක් දන්වලා තිබුණා. 

දෙරණ අවුරුදු කුමරිය තරගයට ඇය ඉදිරිපත් වන්නේ 2018 වර්ශයේදී. එහිදී දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලඳින ඇය ලක්සිරි වික්‍රමගේ මහත්මයාගේ සංගීතේ නාට්‍යයට ආරාධනා ලැබෙනවා.ඒත් සමඟම ඇය රංගන ශිල්පිනියක් නොවුණා නම් එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න හිතන් හිටිය කියල තමයි ඇය පුවත්පත් සාකච්ඡාවේදී කියල තිබුණේ.

ඒත් සමඟම ගුවන් සේවිකාවක් නොවී නිලියක් වීම ගැන අද සතුටු වෙන බව තමයි කියන්නේ.මග තොටේදී මිනිස්සු මුණගැහුනාම එයාලගේ ආදරය ලැබෙන්නේ රංගනයට ආව නිසා කියල තමයි කියන්නේ. ගුවනිගේ චරිතය පිළිබඳව ඇය කියන්නේ, “ගුවනිගේ චරිතය සංගීතේ රන්දිමා වගේ නෙවෙයි ගොඩක් වෙනස් චරිතයක්. ගොඩක් අහිංසක සංවේදී ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. 

හිතුවක්කාර පෙම්වතෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නේ. ඒ ඔස්සේ තමා චරිතය ඉදිරියට යන්නේ. අවිෂ්කා සහ ගුවනි අතර සමානකම් තියෙනවා. නමුත් ගුවනි තරම්ම අහිංසක කෙනෙක් නෙවෙයි අවිෂ්කා කියන්නේ. හැබැයි අවිෂ්කාත් තමන්ගේ පාඩුවේ සරලව ඉන්න චරිතයක්. ඒ පැත්තෙන් බැලුවම සමානකම් තියෙනවා”. 

ඇය මේ චරිතය කරන්නේ කේෂාන් සහ මාලනී ෆොන්සේකා මහත්මිය සමඟලු. ඉතින් නිළි රැජින සමඟ ඇගේ පළමු රංගන කර්තව්‍යය පිළිබඳව ඇය දරන්නෙර් මෙවැනි මතයක්. “මම ඒ තරම් නිහතමානීකමක් එතුමියගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය නිළි රැජින වෙලත් මම වගේ අලුත් කෙනෙක් එක්ක එතුමිය වැඩ කරන විදිය ගැන හිතුවම හරිම නිහතමානී හොඳ කෙනෙක්.

” ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු ගැන වගේම ආදරය ගැන හිතන්නෙ මොනවද කියන ප්‍රශ්නයටත් මෙහිදී ඇය සඳහනක් කරල තිබුණා. “මේ ළඟදි ආවා හැමෝම දන්නා හින්දි චිත්‍රපටයක සිංහල නිර්මාණයකට මට ආරාධනාවක්. ඒකට නම් මම කැමති වුණේ නැහැ. තව එකක් ආවා එකේ මට නොගැළපෙන ඇඳුම් තියෙන නිසා ඒකත් ප්‍රතික්ෂේප කරා

. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. මට තාම ආදරය කරන්න කෙනෙක් නැහැ. කලින් ආදර සම්බන්ධතාවක් තිබ්බා. ඒත් පෞද්ගලික ප්‍රශ්න එක්ක නැවතුණා. ඒ නිසා දැන් තනිකඩයි. හැබැයි ඒක එහෙම වුණ එක හොඳයි කියලා හිතෙනවා. දැන් මට නිදහස තියෙනවා.” කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.කොහොම වුණත් ඇයගේ ජීවිතයේ ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක කරගන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery