අවලෝකිතේශ්වර නොහොත් මහින්දට නොවැම්බර් 20 වෙන්න යන දේ.
Sri Lanka Police
Sri Lanka Magistrate Court
By Wayomi
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා නඩුව එළඹෙන නොවැම්බර් මස 20 වැනිදා නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (24) නියෝග කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර කළ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකව නීතිපතිවරයා හමු වී උපදෙස් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා.? - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.? - ඇමති විජිත ප්‍රකාශයක්.
