හෙට සිට සතියක් වෙන දේ

Report

හෙට සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඩෙංගු රෝගය උස්සන්න වීම නිසා මරණ වාර්තා වීමත් වැඩිවීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඊශ්‍රායල ජනතාව වීදි බසී රට පුරා උද්ඝෝෂණ

ඊශ්‍රායල ජනතාව වීදි බසී රට පුරා උද්ඝෝෂණ

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙට සිට ඡූලි 5 දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 16ක ඩෙංගු අධිඅවදානම් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 116ක් ආවරණය වන පරිදි මේ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වසරේ ජූනි මාසය දක්වා ඩෙංගු රෝගීන් 27,932ක් සහ මරණ 16ක් වාර්තා වී ඇති බවයි.

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා