පුතාට සිදුවූ අසාධාරණය නිසා දුකින් මිය ගිය පියා

Australia Death Sports Sinhala news
By Ashfa Jun 01, 2025 03:11 PM GMT
Ashfa

Ashfa

Report

ඕස්ට්‍රෙලියාවේ හා ශ්‍රී ලංකාවේ දෙතැනම පදිංචි ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු හා සමාජ සත්කාරිකයෙකු වූ 54 හැවිරිදි ප්‍රසන්න දසනායක මහතා පසුගිය 29 වනදා හදිසියේ අභාවප්‍රාප්ත වීම ඔහුගේ සමීපතමයින්ට කම්පිත ආරංචියක් එක්කර තිබේ.

ඔස්ට්‍රෙලියාවේ නිවාස ඉදිකිරීම් ආයතනයක් හා අවන්හල් ව්‍යාපාර ජාලයක් පවත්වා ගිය ප්‍රසන්න බේබි කෙයාර් ලංකා නමින් ළමා නිෂ්පාදන අලෙවිය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක්ද කරගෙන ගියේය.

සිඩ්නි නුවර ලකී අයියා, සනී සිඩ්නි ලෙස ඔහු ප්‍රසිද්ධව සිටියේය. මොහු මරණයට පත් හදිසි හෘදයාබාධය ඇ.තිවූ කාල වකවානුවේ තම දරුවෙකුට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් ඔහු කලකිරීමට පත්ව සිටි අතර ඔහු ඒ වෙනුවෙන් සටන් කළත් පරාජයට පත්ව තිබුණි.

ඔහුත් ඔහුගේ පාසල් වියේ දරුවනුත් ද්විත්ව පුරවැසියන් වූ අතර එක් පුතෙකු ජාත්‍යන්තර පාසලක පැසිපන්දු කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීමට සමත්කම් දැක්වූ නමුත් ද්විත්ව පුරවැසිභාවය නොසලකා ඕස්ට්‍රෙලියානු පමණක් ලෙස සලකා එම දරුවා 'කැපිල්ලකට' ලක්වීම මෙම කලකිරීමට ආසන්න හේතුව විය.

ප්‍රසන්න දසනායක මහතා මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ අතිශය කලකිරීමෙන් ඇමතිවරයෙකුට යැවූ සටහනක්ද එක්කර තිබුණි. එය පහත පරිදිය, ශ්‍රීලංකා වයස අවුරුදු 16 න් පහළ ජාතික පැසිපන්දු ( බාස්කට්බෝල්)...Trials තරඟවලදී Australia වේ උපන් ද්විත්ව පුරවැසි අවුරුදු 15 දරුවෙකුට බලපෑම් කිරීම, හිරිහැර කිරීම සහ පහත්කිරීම ඇතුලුව අතිදක්ශ හොද ක්‍රීඩකයෙකු නෙරපීම. මගේ පුතා ජෙඩ් දසනායක, විශිෂ්ට පැසිපන්දු ක්‍රීඩකයෙකි. ඔහු පැසිපන්දු ක්‍රීඩාවෙන් බොහෝ සම්මාන දිනා ගත් අතර ඔහුගේ අධ්‍යපන කටයුතුවල දී ද ඔහු දස්කම් දැක්වීය. ඔහු සහ ඔහුගේ සහෝදරයා ශ්‍රී ලංකාවේ දුප්පත්, වරප්‍රසාද නොලත් දුෂ්කර පාසල්වලට උදව් කිරීමට පටන් ගත්තේ ඔවුන් ඉතා කුඩා අවධියේදීය.

ඒ කාලය තුළ මේ දක්වා තම ශ්‍රමයෙන් දහදිය මහන්සියෙන් උපයාගත් මුදල් පාසල් සිය ගණනකට ලක්ෂ 250 කට වඩා පරිත්‍යාග කරඇත. අපේ ගමේ පන්සලේ චෛත්‍ය ඉදිකර , දුප්පත් අසරණ දරුවන් වෙනුවෙන් පංති කාමරද සෑදුවේ මගේ පුතුන් දෙදෙනාය. මේ තමන් විසින්ම වෙහෙස මහන්සි වී උපයා ගත් ඩොලර් වලින් නොමිලේ පන්ති කාමර සහ පන්සල් ඉදිකල මේ දරුදෙපල,රටට ඇති ආදරය, විශ්වාසය, කොපමනද,ඔවුන් දෙදෙනාම "තම ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්හ. " මගේ දෙවන පුතා ජෙඩ් පැසිපන්දු ක්‍රීඩාවට ඇති ආශාව සහ ආදරය උඩ,ඔහුගේ පාසල වෙනුවෙන් දිගටම ක්‍රීඩා කළේය.

Sri Lankan trials වලට පෙර ඔහු දරුණු ලෙස වැටී තුවාල ලබා මාස ගණනාවක් පුනරුත්ථාපනය කිරීමට ගත කළේය (අපි සියලු තොරතුරු සම්මේලනයට ලබා දී ඇත්තෙමු). Trials අතරතුර එක් කාන්තාවක් පවසා ඇත්තේ, "ඔය ඕස්ට්‍රේලියානුවන් තෝරා ගන්නේ නැති බවය".( Australians will not be selected ). මගේ පුතා එදා සිතුවේ එය විහිළුවක් බවයි. මාත් මේ කියමන ගැන දැනුවත් වුනේ ඊයෙ.

"හොඳම ක්‍රීඩකයින් 12 දෙනාගේ අවසාන තේරීමේදී ඔහුව දහහතරවන ස්ථානයට ගෙන ගිය විට විහිළුව යථාර්ථයක් විය. " ඔහු මෙන්ම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුහුණුකරු ද දැඩි ලෙස කම්පනයට පත්ව සිටිති. ඉහත සඳහන් පුහුණුකරුවන් දෙදෙනාම මවිතයට පත් වී සිටින්නේ "මගේ පුතා ජෙඩ්,පළමු පස් දෙනා අතරට පැමිණිය යුතු හොඳ ක්‍රීඩකයෙකු / වටිනාම ක්‍රීඩකයෙකු / හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු අනිවාර්යයෙන්ම සංචිතයේ සිටය යුතු බව සනාථ කරමිනි. මගේ දැනුමට අනුව, ඔවුන් කිසි විටෙකත් ප්‍රධාන පුහුණුකරු ගෙන් උපදෙස් ලබාගෙන කණ්ඩායම පත් කිරීමට ඔහු සමඟ කටයුතු කළේ නැත. ඇත්ත වශයෙන්ම මෙම ශ්‍රේෂ්ඨ පුහුණුකරු selectors ලාට පවසා ඇත්තේ මගේ පුතා ජෙඩ්,අවසාන 12 දෙනා අතර අනිවාර්යයෙන්ම සුදුසුකම් ඇත්තෙකු බවයි. "අවසානයේදී, හොඳ ක්‍රීඩකයෙකු ඉවත් කරනු දුටු ප්‍රධාන පුහුණුකරු අසාධාරණය ඇස් ඉදිරියේම දැක ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්විය.

" මගේ පුතා ක්‍රීඩා කරන බවට වීඩියෝ සාක්ෂි ඔවුන් සතුව තිබේදැයි මම දැන ගැනීමට කැමතියි. - මට හොදටම පෙනී යනවා මානසිකව මගේ පුතාව එම කාන්තාව වට්ටා ඇති බව. ගරු අමාත්‍යතුමාගෙන් මේ මොහොතේ අසරණ වී සිටින අපි ඔබගෙන් කාරුණිකව අසන්නේ.. " මගේ පුතාලා තම ආත්ම විශ්වාසයෙන් තමන් විසින්ම දහදිය මහන්සියෙන් උපයාගත් මුදල, ශ්‍රීලංකාවේ දුශ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර... රට වෙනුවෙන්ම ඉතාමත් ලොකු කාලයක් වැය කර ද්විත්ව පුරවැසිබාවය ලබාගෙන ඇති පලය කුමක්ද් යන්නයි" මේ වගේ කැනහිලිකම්කර,යටින් වෙන ලමයි දාලා, දරුවා මාන්සිකව වැට්ටීමද බලාපොරොත්තුව. අප රටේ ප්‍රදානම පිලිගත් Coaches ලා දෙන්නෙකුම තරයේම ඉල්ලන මෙතෙර සහ එතෙර ක්‍රීඩා කර ජයගත් මගේ පුතාව කපන එකද මේ රටේ අලුත් සිස්ටම් එක.අපි හිතුවා සිස්ටම් change එකක් වුනේ කියලා ඇමතිතුමනි. තාම පරන system එකේ නම්, අපි මේ දරුවාට කරන්නේ මහපොලොව නුහුලන අපරාධයකි. "ඇමතිතුමනි මේ අසාධාරණ ලොවේ සාධාරණයක් කිරීම ඔබ සතුය" ස්තූතියි මීට ප්‍රසන්න දසනායක ( පියා)

ReeCha