ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති හෙට දිවයිනට

Report

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා ජුනි 3 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිතය.

ඉන්ධන මිල පහතට? ලංකාවට ලාභයෙන් ඉන්ධන ගන්න ගිවිසුමක්

ඉන්ධන මිල පහතට? ලංකාවට ලාභයෙන් ඉන්ධන ගන්න ගිවිසුමක්

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයගේ පැමිණීම පිළිගැනීම සඳහා ‘ඕස්ට්‍රේලියන් හවුස්’ හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ඒ මහතා හමුවීමට නියමිතයි.

මෙම සංචාරයේ අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමයි.

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඒ මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වනු ඇත.

මෙම සංචාරයට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ද සහභාගී වීමට නියමිත වනවා. 

දිවුරුම් දෙද්දීම බිමට ඇදගෙන වැටුණු කඩුවෙල නගරාධිපති-

දිවුරුම් දෙද්දීම බිමට ඇදගෙන වැටුණු කඩුවෙල නගරාධිපති-