රුමේෂ් තරංගට ඔස්ට්‍රේලියාවේදී සුපිරි ජයක්‍

Sri Lanka Sports
By Gagana News Mar 02, 2025 05:08 AM GMT
Gagana News

Gagana News

Report

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාව දැක්වීමට රුමේෂ් තරංග සමත් වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ පැවති පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරඟාවලියේදීය.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එක් වූ අතර එහිදී මීටර 85.41ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් විය. එම දක්ෂතාව හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාවයි.

ඒ අනුව මේ වසරේ එතෙක් වැඩිම දුර වාර්තා කර තිබූ ඉන්දියාවේ සචින් යාදව්ගේ මීටර 84.39 ක් විසිකිරීම දෙවැනි තැනට පත්වුණි.

රුමේෂ් තරංගට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය පරිසාදන මට්ටම මෙහිදී අහිමි වුණේ සෙන්ටි මීටර 9 කිනි.

 

ReeCha